ඇටොල්


ඡායාරූප මගින් හෝ සැබවින්ම, සාගරයේ ඇති හුදකලා මුදු හැඩැති දූපතක් හෝ  කොරල් පර දැකීමෙන් ඔබ මවිතයට පත් වන්නට ඇති. දැන් පුදුම වීම නවත්වන්න. මෙන්න ඒවා මොනවාද සහ ඒවා සෑදූනු ආකාරය.

කලපුවක් සම්පූර්ණයෙන් හරි බාගෙට හරි වටකරගෙන තියෙන කොරල් දාරයක් සහිත වළලු හැඩයක් ඇති කොරල් පරයක් හඳුන්වන්නේඇටොල්” එකක් කියලා. ඇටොල් එකේ කොරල් වලල්ලට මැදි වෙලා තියෙන ජල කඳ කලපුවක් ලෙස හඳුන්වනවා. නිවර්තන හා පෙර නිවර්තන මුහුදේ ඇටොල් හැදිලා තියෙනවා. සමහර විට ඇටොල් එක සහ කලපුව ඇටොල් එකේ මැද තියෙන දූපතක් ආරක්ෂා කරනවා.

අතීතයේ මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තා මේ ඇටොල් හැදෙන්නේ කොහොමද කියලා. ඔවුන් ඇටොල් සෑදීම ගැන බොහෝ න්යායන් ඉදිරිපත් කළා. ඒවා අතරින්, වඩාත් ප්රසිද්ධ, බහුලව භාවිතා වන න්යාය ඉදිරිපත් කළේ චාල්ස් ඩාවින්. ඩාවින්ගේ මේ න්‍යාය හැඳින්වුනේ ඩාවින්ගේ ඇටොල් සෑදීමේ න්යාය කියලා.

චාල්ස් ඩාවින්, කොරල් පරවල භූ විද්යාව හා මූලධර්මය පැහැදිලි කළ මුල්ම විද්‍යාඥයන්ගෙන් කෙනෙක්. මෙම සිද්ධාන්තයට අනුව කොරල් පර වර්ග තුනක් තියෙනවා. ඒවා පහත පරිදි වර්ග කරන්න පුලුවන්;
  1. ෆ්රින්ජින් කොරල් පර
  2. බාධක කොරල් පර
  3. ඇටොල්
මෙම සිද්ධාන්තයට අනුව, මුහුදු පතුලේ සිට මතුපිට දක්වා ගිනි කන්දක් වර්ධනය වීමත් සමඟ ඇටොල් සෑදීමේ ක්රියාවලිය ආරම්භ වෙනවා. පළමුව ගිනි කන්ද පුපුරා ගොස් ලාවා මුහුදු පතුලේ ගොඩ ගැහෙනවා. මේ ගිනි කන්ද, ගිනිකඳු දූපතක් බවට පත්වන තෙක් මෙය දිගටම සිද්ධ වෙනවා. එය අක්රිය උනාට පස්සේ ගිනිකඳු දූපත වටා ෆ්රින්ජින් කොරල් පරයක් ඇති වෙනවා. මෙම කොරල් පරයේ ඇති කොරල් වර්ගය හර්මැටිපික් හෝ දෘඩ කොරල් ලෙස හඳුන්වනවා. ඔවුන් හුණුගල් සහිත බාහිර කවච හදනවා. මේ ෆ්රින්ජින් කොරල් පර වෙරළට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්න පුලුවන්. නැත්තන් නොගැඹුරු නාලිකාවක් හරි නොගැඹුරු කලපුවකින් හරි වෙරළෙන් වෙන් වෙලා තියෙන්න පුලුවන්.

වසර දහස් ගණනකට පසු ගිනි කන්දේ කේන්ද්රය ක්‍රමයෙන් ගිලා බහින්න පටන් ගන්නවා. මේ එක්කම කන්දේ මුදුන, ප්රබල රැළි වලින් සමතලා වෙලා ගයොට් එකක් හදනවා. ඉන්පසු, පෙර තිබූ ෆ්රින්ජින් කොරල් පරය විශාල බාධක පරයක් බවට පත්වෙනවා. වෙරළ තීරය හා බාධක පරය ගැඹුරු නාලිකාවක් හරි ගැඹුරු කලපුවකින් හරි වෙන් වෙනවා.

මෙම ගිලා බැසීම් එක්කම, කොරල් පරය වෙනස් වෙනවා. කොරල් පරයේ සාගරය දෙසට මුහුණලා තියෙන පැත්ත නිරෝගීව පවතින අතර කලපුවට මුහුණලා ඇති පැත්තේ කොරල් සෙමෙන් දිරාපත් වීමට පටන් ගන්නවා. හුණුගල් දිරා ගොස් කලපුවේ වර්ණය ගැඹුරු සාගර නිල් පැහැයේ සිට දීප්තිමත් වර්ණය දක්වා වෙනස් වෙනවා.

අවසාන අදියරේදී ගිනිකඳු දූපත මුහුද යටට ගිලී යනවා. කොරල් පරයේ දිරාපත් වෙමින් පවතින කොටස කැඩී, කොරල් කුඩා වැලි කැට බවට ඛාදනය වෙනවා. මෙම වැලි සහ අනෙකුත් අවසාදිතයන්, මුදු හැඩැති දූපතක් හෝ දූපත් හදනවා. ඉතින්, බාධක පරය විවෘත කලපුවක් වටා ඇති ඇටොල් එකක් බවට වර්ධනය වෙනවා. මෙම කලපුව හැදෙන්නේ ගිනිකඳු කාටරය වට කරගෙනයි.

ලෝකයේ වඩාත්ම ප්රසිද්ධ ඇටොල් ලෙස මාලදිවයිනේ ඇටෝල් දූපත්, සුප්රසිද්ධ මහා නිල් කුහරය සහිත ප්රදීපාගාර ගල්පර, බිකිනි ඇටොල්, අයිතුටාකි ඇටොල්, ටිකේහාන් ඇටොල් සහ තවත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අද වන විට මෙම ඇටොල් වඩාත් ජනප්රිය සංචාරක ගමනාන්තයන් සහ කිමිදුම් සහ ස්නෝකර්ලිං කිරීමට ප්‍රසිද්ධ ස්ථාන බවට පත්ව තිබෙන්නේ එහි ඇති ජෛව විවිධත්වය සහ ආකර්ශනීය මුහුදු වෙරළ නිසායි.


Comments

Popular posts from this blog