පොකිරිස්සන්

හැදින්වීම

පොකිරිස්සන් යනු දෘඪ පිටත ආවරණයක් සහිත අපෘෂ්ඨවංශීන් වේ. බොහෝ ආත්‍රොපෝඩාවන් මෙන්, පොකිරිස්සන්ගේ වර්ධන අවධියේදී බාහිර දෘඩ ආවරණය ඉවත් කරනු ලබයි (moulting). මෙම ක්‍රියාවලිය තුළදී විශේෂ කිහිපයක පමණක් වර්ණය වෙනස් වීම සිදු වේ. පොකිරිස්සන් හට ඇවිදීම සඳහා පාද අටක් ඇත. මින් පළමු පාද යුගල ත්‍රිත්වය කෙළවර නිය (claws) පිහිටා ඇත. ඒවා අතරින් පළමු පාද යුගළය අනෙක් ඒවාට වඩා විශාල වේ. අනෙක් ආත්‍රොපෝඩාවන් සේම මොවුන් ද ද්වීපාර්ශවික සමමිතියකින් යුක්තය. පොකිරිස්සන්ගේ දේහය; හිස, උරස (thorax), උදරය හා වලිගය ලෙස කොටස් කරයි. හිස සහ උරස; කයිටීනමය වැස්මකින් (chitinous carapace) ආවරණය වී ඇත. මොවුන්ගේ හිස; ඇන්ටෙනා (antennae), ඇන්ටෙන්‍යුලා (antennule), මැක්සිල්ලා (maxillae) සහ මැක්සිලිපෙඩ් (maxilliped) වලින්ව යුක්ත වේ. පොකිරිස්සන් සාගර පතුලෙහි පරිසර වල මූලික ලෙස ජීවත් වන නිසා හිසෙහි ඇති ඇන්ටෙනා සංවේදක ලෙස භාවිතා කරනු ලබයි. මොවුන් හට සංකීර්ණ ඇස් පවතියි. මොවුන්ගේ උදරය පිහිනීම සඳහා භාවිතා කරන පාද (swimmerets) සහ වලිගය; uropod, telson ලෙස කොටස් කෙරෙයි.  මොවුන්ගේ රුධිරයෙහි හිමෝසයනීන් අඩංගු වන නිසා ගොලුබෙල්ලන්ගේ හා මකුලුවන්ගේ සේම පොකිරිස්සන්ගේ රුධිරය ද නිල් පැහැති වේ. පොකිරිස්සන් හට; සත්වයන්ගේ අක්මාව හා අග්න්‍යාශය ලෙස ක්‍රියාකරන hepatopancreas නම් අවයවයක් ඇත. මොවුන් අවුරුදු 45 ත් 50 ත් අතර වයසක් ජීවත් වෙයි. ඇතැම් විට වයස්ගත පොකිරිස්සන්ගේ සාරවත් බව තරුණ පොකිරිස්සන්ට වඩා වැඩිවිය හැකිය. පොකිරිස්සන්ගේ වර්ධනය සඳහා පරිවෘතීය ශක්තිය වැඩි වශයෙන් අවශ්‍ය වේ. පොකිරිස්සන් 10% ක් 15% ක් පමණ වර්ධනය සඳහා බාහිර ආවරණය ඉවත් කිරීමේ දී (moulting) මිය යති. ගිනස් ලෝක වාර්ථාවට අනුව, මෙතෙක් අල්ලා ගත් විශාලතම පොකිරිස්සා කැනඩාවේ ස්කොෂියා ප්‍රදේශයෙන් වාර්ථා වේ. එම පොකිරිස්සගේ බර කිලෝග්‍රෑම් 20.15 (රාත්තල් 44.4) ක් පමණ වේ.

හැසිරීම

ලෝකයේ සෑම සාගරයකම පාහේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු පත්ලේ ගල්, වැලි හෝ මඩ සහිත පරිසර වල ජීවත් වේ. පොකිරිස්සන් මියගිය මත්ස්‍යයන්, මොලිස්කාවන්, ක්‍රස්ටේසියාවන් හා පණුවන් විශේෂ ආහර ලෙස යොදා ගනියි. සාමාන්‍යයෙන් පොකිරිස්සන්, සෙන්ටිමීටර 25-50 පමණ (අඟල් 1020) දිගු වන අතර මුහුදු පත්ල තුළ සෙමින් ඇවිදිමින් ගමන් කරයි. කෙසේ වෙතත්, ඔවුන් හට අනතුරක් දැනුනු විට ඔවුන්ගේ උදරයේ ඇති පාද මඟින් වේගයෙන් පසුපසට පිහිනා යයි. මෙය කැරිඩොයිඩ් පලායාමේ ප්‍රතික්‍රියාව (caridoid escape reaction) ලෙස හැදින්වේ.

ධීවර කර්මාන්තය සඳහා ඇති වැදගත්කම

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා පොකිරිස්සන් වර්ග දෙකක් වැදගත් වේ. ඒ spiny lobsters සහ slipper lobsters යන වර්ග දෙකයි. spiny lobsters විශේෂ හයක් ශ්‍රී ලංකාවෙන් වාර්ථා  වී ඇත. මෙම විශේෂ හයම ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ දැකගත හැකිව තිබූ නමුත්, මේ වන විට ඇත්තේ Panulirus polyphagus හැර ඉතිරි විශේෂ පහ පමණි. මුහුදු පත්ලෙහි සවි කරන දැල් සහ කිමිදුම් ක්‍රම මොවුන් ඇල්ලීම සඳහා බහුලව භාවිතා කරනු ලබයි. මොවුන්ගේ නිශාචර හැසිරීම නිසා, බොහෝ විට පොකිරිස්සන් ඇල්ලීම රාත්‍රී කාලයේ දී සිදු කරයි. මොවුන් ඉතා රසවත් ආහාරයක් ලෙස ජනප්‍රියව ඇත. මෙම පොකිරිස්සන්ගේ සම්පූර්ණ දේහය හෝ වලිග කොටස අධිශීත කර අපනයනය කරනු ලබයි. මේ වන විට මොවුන්ගේ ගහණය පහල යමින් පවතින නිසා මොවුන් සංරක්ෂණය කිරීම සඳහා නීති පණවා ඇත.


ශ්‍රී ලංකාව තුළ හමුවන පොකිරිස්සන් විශේෂ



  • Panulirus homarus 
    • FAO නාමයන් :  En- scalloped spiny lobster 
    • දේශීය නාමයන් :  S- වැලිස්සා
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 32 කි. හිසෙහි දිග  12ක්  පමණ වේ.


  • Panulirus longipes
    • FAO නාමයන් :  En- Longlegged spiny lobster
    • දේශීය නාමයන් :   -
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 30 කි. හිසෙහි දිග  12ක්  පමණ වේ.


  • Panulirus ornatus
    • FAO නාමයන් :  En- Omate spiny lobster
    • දේශීය නාමයන් :  S - දිවිස්සා 
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 50 කි.



  • Panulirus penicillatus
    • FAO නාමයන් :  En- Pronghorn spiny lobster
    • දේශීය නාමයන් :  S - ගලිස්සා
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 40 කි.



  • Panulirus polyphagus
    • FAO නාමයන් :  En- Mud spiny lobster
    • දේශීය නාමයන් :   -
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 40 කි.



  • Panulirus versicolor
    • FAO නාමයන් :  En- Painted spiny lobster
    • දේශීය නාමයන් :  S - රජඉස්සා
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 40 කි.


  • Panulirus sewelli
    • FAO නාමයන් :  En- Arabian whip lobster
    • දේශීය නාමයන් :   -
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 20 කි.



  • Parribacusus antarcticus
    • FAO නාමයන් :  En- Sculptured mitten lobster
    • දේශීය නාමයන් : -  
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 20 කි. හිසෙහි දිග සෙන්ටිමීටර  9ක්  පමණ වේ.


  • Scyllarus martensii
    • FAO නාමයන් :  En- triated locust lobster
    • දේශීය නාමයන් :   -
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 6 කි. හිසෙහි දිග සෙන්ටිමීටර 2ක් පමණ වේ.


  • Thenus orientails
    • FAO නාමයන් :  En- Flathead lobster
    • දේශීය නාමයන් :   -
    • ප්‍රමාණය : දේහයේ උපරිම දිග සෙන්ටිමීටර 25 කි. හිසෙහි දිග සෙන්ටිමීටර 8ක් පමණ වේ.

Comments

Popular posts from this blog