මුහුදු ඉකිරි


මුහුදු ඉකිරි යනු දර්ශීය වශයෙන් ඝන කවචයක් දරන ගෝලාකාර සත්ත්ව විශේෂයකි. ලෝකය පුරා ඉකිරි විශේෂ 950ක් පමණ ජීවත්වන අතර මොවුන් සෑම සාගරයකම උදම් රළ කලාපයේ සිට, මීටර 5000 ක පමණ ගැඹුරු මුහුදු පත්ල දක්වා ව්‍යාප්තව ඇත. ඉකිරි ඉතා සෙමෙන් සංචරණය කරන සත්ත්ව විශේෂයක් වන අතර, ඒ සදහා ඔවුන් නාල පාද සහ ඇතැම් විට ඔවුන්ගේ කටු භාවිතා කරයි.

ඔවුන්ගේ තක්සෝන ධූරාවලිය සැලකූ විට ඔවුන්,
  • රාජධානිය - ඇනිමාලියා 
  • වංශය - එකයිනොඩමේටා 
  • උපවංශය - එකයිනොසෝවා 
  • ගණය - එකයිනොයිඩියා 

අනෙක් එකයිනොඩමේටාවන් සේම වැඩිහිටි මුහුදු ඉකිරින්ටද ඇත්තේ පංචාරීය සමමිතියකි. මොවුන්ගේ කීටයන් ප්ලූටියස් කීටයන් ලෙස හදුන්වන අතර ඔවුන්ට ඇත්තේ ද්වීපාර්ශවික සමමිතියකි. මොවුන්ගේ කළල නිරීක්ෂණය පහසුවීම, අසාමාන්‍ය පංචාරීය සමමිතිය හා කෝඩේටාවන්ට ඇති සම්බන්ධතාවය නිසාත් මුහුදු ඉකිරි 19වන සියවසේදී ජීව විද්‍යාත්මක ඉගැන්වීම් සදහා දර්ශීය සත්ත්වයෙක් ලෙස යොදාගෙන ඇත. සමහර ඉකිරි වර්ග ලොව පුරා මින් මැදුරු වල ඇල්ගී පාලකයක් ලෙස යොදාගනියි.

මුහුදු ඉකිරි; පසැඟිල්ලන්, භංගුර තරකා හා මුහුදු කැකිරි අයත් වන එකයිනොඩමේටා වංශයටම අයත් වේ.

වැඩුනු ඉකිරි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 3-10ත් පමණ විශාලත්වයකින් දැකගත හැක. ඇතැම් විශේෂ සෙන්ටිමීටර 36ක් පමණ විශාලත්වයකට වර්ධනය වේ. මොවුන්ගේ ගෝලාකාර දේහය, දේහය මධ්‍ය රේඛාවේ සිට විහිදෙන එකිනෙක සමාන කොටස් 5කින් යුක්ත වේ. මොවුන්ගේ මුඛය දේහයේ යටි ප්‍රදේශයට වන්නට පිහිටා ඇති අතර, ගුදය දේහයේ ඉහලින් පිහිටා ඇත. එම නිසා දේහයේ යටි පෙදෙස මෞඛ ප්‍රදේශය ලෙසත්, ඉහළ ප්‍රදේශය අපමෞඛ ප්‍රදේශය ලෙසත් හදුන්වයි. මුහුදු ඉකිරින්ගේ දේහයේ ඇස්, පාද නොමැත. නමුත් ඔවුන්ට නිදහස් ලෙස සෙමෙන් රලු මතුපිටවල් වල නාල පාද උපයෝගී කරගනිමින් සංචරණය කිරීමේ හැකියාව ඇත. මොවුන්ගෙ අභ්‍යන්තර අවයව ඝණ CaCO3 කවචයකින් සමන්විත වේ. මෙම කවචය සියුම් අපිචර්මයකින් හා චර්මයකින් ආවරණය වී ඇත. මොවුන් Ni උත්ප්‍රේරක ලෙස යොදාගනිමින් ජලයේ ද්‍රාව්‍ය CO2 මඟින් කවචයේ CaCO3 නිපදවයි. බොහෝ වර්ග වලට ප්‍රාථමික දිග කටු සහ ද්විතීක කෙටි කටු දේහයේ මතුපිට ඇත. මොවුන්ට ජල නාල පද්ධතියක් ඇත. මොවුන්ගේ සංචරණය මූලික ලෙස ආහාර මත පදනම් වේ.

මොවුන් හට ආහාර ජීරණ පද්ධතියක්, ශ්වසන පද්ධතියක්, රුධිර සංසරණ පද්ධතියක්, ස්නායු පද්ධතියක් හා ප්‍රජනක පද්ධතියක් ඇත.

ස්ත්‍රී ඉකිරි විසින් ඩිම්බ ජලයට මුදාහරිනු ලබයි. නමුත් සමහර විශේෂ තමන්ගේ කටු අතර රඳවා ගනියි. මෙම ඩිම්බ පිරිමි සතුන් විසින්, ජලයට මුදාහරිනු ලබන ශුක්‍රාණු සමඟ සංසේචනය වී පැය 12ක් පමණ කාලයක් ඇතුලත දී බැස්ටියුලර් කළලයක් බවට පත්වෙයි. බැස්ටියුලර් කළලය කේතු ආකාර එකයිනොප්ලූටියස් කීටයෙකු බවට පත්වේ. මෙම කීටයන් දිගටි බාහු 12කින් සමන්විත වේ. කීට අවධියේ දී මොවුන් මෙම බාහු ආහාර කැබලි අල්ලා ගැනීමට හා එම ආහාර මුඛය වෙත යොමු කිරීමට භාවිත කරයි. විශේෂ කිහිපයක් පමණක් බීජාණ්ණ මඩියක් දරන අතර ඔවුන් හට බාහිර ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. මොවුන් හට කීට අවධිය නිමා කිරීමට මාස කිහිපයක් ගතවන අතර, කීට අවධිය නිමා කල ප්ලැන්‍යුලා කීටයන් මුහුදු පතුලට ගමන් කරයි. කීටයෙක් වැඩුනු සතෙක් බවට පත්වීමට අවුරුදු 2ක් පමණ ගතවේ.

මුහුදු ඉකිරි ප්‍රධාන වශයෙන් ඇල්ගී මත ‍යැපෙයි. එහෙත් ඔවුන්ට මුහුදු කැකිරි, පොලිකීට් පණුවන්, ස්පොන්ජීන්, මට්ටි වර්ග හා භංගුර තරකා ආහාරයට ගැනීමටද හැකියවක් ඇති නිසා මොවුන් සර්ව භක්ෂක ඝණයට අයත් වේ.

මුහුදු ඉකිරි හට වැලඳෙන රෝගයක් ලෙස තැන්ගත රෝගය හඳුන්වාදිය හැක. මෙම රෝගය සිසිල් ජල වසන්ත රෝගය හා උණුසුම් ජල ග්‍රීස්ම රෝගය ලෙස කොටස් දෙකකට බෙදෙයි. තවද මුඩු මුහුදු ඉකිරි රෝගයේදී මොවුන්ගේ කටු හැලීමකට ලක්වන අතර සමෙහි තරලද ක්ෂය වීමකට ලක්වේ. මෙය බැක්ටීරියා ආසාදිත රෝගයක් ලෙස හඳුන්වයි.

වැඩුණු ඉකිරින්ගේ ඇති තියුණු, වැඩුණු කටු ඔවුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරයි. ඇතැම් විශේෂ වල කටු විෂ සහිත වේ. පොකිරිස්සන්, කකුලුවන්, ඔට්ටෙර්, ව්ග්ය්ග්ව් විසින් මුහුදු ඉකිරි ආහාර වශයෙන් යොදාගනියි. මොවුන් මුහුදු ඉකිරින්ගේ ආරක්ශන යාන්ත්‍රණ වලින් බේරී ඔවුන් ආහාර ලෙස ගැනීමට අනුවර්තනය වී ඇත.

මුහුදු ඉකිරි අන්තර් උදම් රළ කලාපයේ සිට සැලකිය යුතු ගැඹුරක් දක්වා ව්‍යාප්තව ඇත. ඝ්ජ්ඩෆ් වැනි විශේෂ වලට මීටර දහස් ගණනක් ගැඹුරු මුහුදු පත්ලේ වුවද ජීවත් විය හැක. ඇතැම් විශේෂ ආගාධ වාසීන් වේ. මෙම විශේෂ වලට බොහෝ හ්ග්ජ්ක්ස් වංශිකයන් සහ පතොක් ඉකිරි අයත් වේ. ඩ්ස්ග්ස්ෆ් වංශයේ ඉකිරි ඉතාමත්ම ගැඹුරු පරිසර වල ජීවත් වේ. මොවුන් බෝතලයක හැඩයක් ගන්නා අතර ඩ්ගක්ස්ඩ් පමණක් ජීවත් වේ. භංගුර තාරකා, පසැඟිල්ලන් සහ ක්‍රිනොයිඩ් සමඟ සංසන්දනය කිරීමේදී මොවුන් ඉතාමත්ම නොගැඹුරු ස්ථාන වල වැඩි වශයෙන් දැකගත හැකිය.

මොවුන්ගේ ගහණ ඝණත්වය වාසස්ථානය මත පදනම් වේ. කෙල්ප් වනාන්තර ආශ්‍රිතව මොවුන්ගේ වැඩි ගහණ ඝණත්වයක් දැකගත හැක. කෙල්ප් වනාන්තර ආශ්‍රිතව වුවද විශාල ගහණ ඝණත්ව දැකගත හැක්කේ නොගැඹුරු ස්ථාන වල පමණි. මෙම ප්‍රදේශ වල රළ ක්‍රියාකාරකම් ඇති ස්ථාන වල දී ගැඹුරින් වුවද මොවුන් දැකගත හැක. ශීත සෘතුවේ දී ඇති කුණාටු තත්ව නිසා මොවුන්ගේ ගහණ ඝණත්වය අඩුවී යයි. එයට හේතුව වන්නේ අසීරු කුණාටු තත්ව වලින් බේරීම සඳහා මොවුන් හට මුහුදු පත්ලේ ඇති ඝණ ව්‍යුහ තුළට ගමන් කිරීමට සිදු වීමයි. ඩ්ඝ්ද්ස් හට වතුර රහිත පරිසරයක වුවද පැය කිහිපයක් තමන්ගේ ජීවිතය බේරාගත හැක. මුහුදු ඉකිරි සෑම දේශගුණික තත්ව ඇති පරිසර පද්ධතියකම දැකගත හැක. එනම් උණුසුම් කලාපයේ සිට ශීත ධ්‍රැව සාගර දක්වාම මොවුන් විහිදී ඇත. නමුත් බොහෝ ඉකිරි සමකාසන්න මුහුදු ආශ්‍රිත ප්‍රභාසංස්ලේශී ආහාර බහුල ස්ථාන වල දැකගත හැක.

ඉකිරි සහ මිනිසුන් අතර ඇති සම්බන්ධතා
  • ආහාර ලෙස
  • විද්‍යාත්මක කටයුතු වලදී
  • මින් මැදුරු සඳහා
  • ඉකිරින්ගෙන් මිනිසාට අනතුරු ඇතිවීම.


Comments

Popular posts from this blog