සාගර ආම්ලීකරණය


සාගර ආම්ලීකරණය යනු කුමක්ද?

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් පාලනය වන ප්රධාන ප්රභවය සාගරයයි.  සාගරය, වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් වලින් 30% කට ආසන්න ප්රමාණයක් අවශෝෂණය කරනු ලබයි. කාබන්ඩයොක්සයිඩ් පෘථිවි වායුගෝලයේ බහුලව දක්නට ලැබෙන වායුව වේ. ශාක හා සතුන් යන දෙකොට්ඨාෂයටම කාබන්ඩයොක්සයිඩ් අත්යවශ් වේ. ප්රභාසංශ්ලේෂණය හා වර්ධනය සඳහා ශාක කාබන්ඩයොක්සයිඩ් භාවිතා කරන අතර ශ්වසනයේදී සතුන් කාබන්ඩයොක්සයිඩ් පිට කරනු ලබයි. කාර්මික යුගයේ ආරම්භයේ සිට වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය වැඩි වී ඇත්තේ පොසිල ඉන්ධන දහනය වීම සහ ජනගහනය වැඩිවීම හේතුවෙනි. එම වැඩි වීමත් සමඟ සාගරයෙන් අවශෝෂණය කරන කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය වැඩි වී ඇත. මෙය සාගරයේ pH අගය පහත වැටීමට හේතු වේ. සාමාන්යයෙන් සාගරයේ pH අගය 8.0-8.3 අතර වේ.

කාබන්ඩයොක්සයිඩ් සාගරයේ දියවන විට රසායනික ප්රතික්රියා මාලාවක් සිදු වේ. එය කාබොනික් අම්ලය (H2CO3) සාදයි. මෙම කාබොනික් අම්ලය දුර්වල වන අතර එය හයිඩ්රජන් අයන (H+) පිට කරයි.

CO2 (aq) + H2O (l) H2CO3 (aq) HCO-3 (aq) + H+(aq) CO2-3(aq) + 2H+(aq)

එමඟින් සාගර ජලයේ හයිඩ්රජන් අයන සාන්ද්රණය වැඩි වන අතර එය pH අගය අඩු වීමට හේතු වේ. සාගරයේ pH අගය පහත වැටීම, සාගර ආම්ලීකරණය ලෙස හඳුන්වනු ලබයි.

කාර්මික විප්ලවය ආරම්භයේ සිට මේ දක්වා pH අගය 8.2 සිට 8.1 දක්වා පහත වැටී ඇත. සමහරු සිතන්නේ pH අගයේ 0.1 පමණ පහත වැටීම විශාල ගැටළුවක් නොවන බවයි. නමුත් pH පරිමාණය යනු ලඝු ගණක පරිමාණයකි. pH අගය එක් ඒකකයකින් පහත වැටීම යනු ලැබෙන අගය යනු හයිඩ්රජන් අයන සාන්ද්රණය 10 ගුණයකින් වැඩි වීමයි. එනම් ආම්ලිකතාව 10 ගුණයකින් වැඩි වීමයි. ඉතින්, pH අගය නම් මෙම අනුපාතය පහත වැටීම සාගර පරිසර පද්ධතියේ දිගුකාලීන ගැටළු ඇති කිරීමට හේතුවේ.

සාගරයේ ජීවිතයට බලපෑම්.

සාගර ආම්ලීකරණය සාගරයේ සියලුම ජීවීන්ට හානියක් නොවිය හැකි නමුත්, එය සමහර ජීවීන්ට අහිතකර ලෙස බලපායි. මෙම සාගර ආම්ලිකතාවය කොරල් පර වලට හානි කරනු ලබයි. කොරල්, කැල්සියම් කාබනේට් මගින් ඔවුන්ගේ සැකිල්ල සාදයි. සාගරයේ ආම්ලිකතාවය වැඩි වන විට කැල්සියම් කාබනේට් සැකිල්ල විඛාදනයට ලක්විය හැකිය. තවද, බෙල්ලන් විශේෂ, මුහුදු ඉකිරි සහ තාරකා මත්ස්යයින් වැනි කැල්සියම් කාබනේට් කවච සහිත ජීවීන් හට එය බලපායි. ආම්ලිකතාවය නිසා ඔවුන්ගේ කවච දිය වී යයි. මෙම ජීවීන්, සාගර ජලයේ ආම්ලිකතාවය වැඩි වීම නිසා ඔවුන්ගේ නව කවච සෑදීමේ ක්රියාවලියේ දී විවිධ ගැටළු වලට මුහුණ දෙයි.

කකුළුවන්, ඉස්සන් හා පොකිරිස්සන් වැනි සමහර බාහිර කැල්සියම් කාබනේට් කවච සහිත සමහර ජීවීන් හට ආම්ලික ජලයේ ශක්තිමත් කවච වර්ධනය කළ හැකි අතර සමහර ජීවීන් සාගරයේ ඉහළ ආම්ලිකතා මට්ටම් වලට අනුවර්තනය වී ඇත.

ෆෝරාමිනිෆෙරා, ටෙරොපොඩ්ස් සහ කොකෝලිතෝෆෝර් වැනි සත්ව ප්ලවාංග සහ ශාක ප්ලවාංග CaCO3 කවච දරන අතර ආම්ලිකතාවය ඉහළ යාම නිසා ඔවුන්ගේ කවච  වලට හානි සිදු වේ. ආහාර ජාල සහ ප්රාථමික නිෂ්පාදනයේ ඵලදායිතාවය කෙරෙහි ඔවුන් බොහෝ ලෙස වැදගත් වන හෙයින් අනාගතයේදී සමස්ත පරිසර පද්ධතියම විශාල ගැටලුවලට මුහුණ දෙනු ඇත.

නීති රීති ක්රියාත්මක කිරීම, සාගර ආම්ලීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, කාබන් පරිභෝජනය අඩු කිරීම, බලශක්ති භාවිතය අඩු කිරීම සහ විදුලි භාවිතය අඩු කිරීම වැනි පූර්වාරක්ෂාවන් සාගර ආම්ලීකරණය අවම කිරීම සඳහා ගත යුතු ක්රියාමාර්ග වේ.

Comments

Popular posts from this blog