ශ්‍රී ලංකාවේ කලපු මත්ස්‍ය කර්මාන්තයේ ගැටළු

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කලපු කිහිපයක් පිහිටා තිබෙනවා. ඒවා අතරින් පුත්තලම කලපුව සහ මීගමුව කලපුව ප්‍රධාන වෙනවා. මෙම ලිපියේ දී කලපු ආශ්‍රිතව ධීවරයන් සහ ධීවර කර්මාන්තයේ දී පැනනැගෙන ප්‍රශ්න සාකච්ඡාවට ලක්කරනවා. ප්‍රධාන වශයෙන් මෙහිදී සමාජයීය, ජීව විද්‍යාත්මක සහ පාරිසරික ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් ගැන සඳහන් වෙනවා.

පුත්තලම කලපුව 

පුත්තලම කලපුව ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ මුහුදුබඩ ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙනවා. පුත්තලම කලපුව ආශ්‍රිතව සිටින ධීවරයන් සහ එම ධීවර කර්මාන්තයේ දී පැනනැගෙන ජීව විද්‍යාත්මක, සමාජීය හා පාරිසරික ප්‍රශ්න මෙබඳුය.

ජීව විද්‍යාත්මක ගැටළු 

මත්ස්‍ය සම්පත අඩුවී යාම මෙහි තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මීට හේතු ලෙස අධික ලෙස: එනම් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් මාලු අල්ලීම සඳහන් කළ හැකිය. මෙයට විසඳුමක් ලෙස මාළු ඇල්ලීමේ නිරතවිය හැකි ධීවරයන් ප්‍රමාණය සීමා කිරීම කල හැකියි. මෙම ගැටළුව සඳහා ඇති තවත් එක් හේතුවක් වන්නේ කුඩා සිදුරු සහිත දැල් භාවිතයයි. මෙයට විසඳුමක් ලෙස: අදාළ පරීක්ෂණ සිදුකිරීම හා මාළු දැල් වල සිදුරු වල අවම විශාලත්වය සඳහා සීමාවක් පැනවීම කළ හැකියි.

මත්ස්‍ය සම්පත අඩු වීම සඳහා තවත් හේතුවක් නම් තහනම් කරන ලද මසුන් ඇල්ලීමේ උපාංග භාවිතයයි. සමහර අවසථාවල දී අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් නොදැන සිටීමත් විශාල ගැටළුවක්. නීති රෙගුලාසි තවදුරටත් තද කිරීම සහ ආරක්ෂක අංශ වල සහය මේ සඳහා යොදා ගැනීම මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ගත හැකි පියවරයි.

සමාජයීය සහ ආර්ථිකමය ගැටළු 

මසුන් ඇල්ලීවමන් ලබන ආදායම අඩු වීම ප්‍රධානතම ගැටලුවක්. මෙය බොහෝ විට සිදුවන්නේ මසුන් වැඩි කාලවලදී පිටතින් පැමිවණන ධීවරයන් මාළු ඇල්ලීමේ නිරත වීම නිසාවෙනි. මෙයට විසඳුමක් ලෙස මාළු ඇල්ලීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම හෝ අන් ක්‍රමයකින් කලපුවේ මාළු ඇල්ලීමේ නිරතවිය හැකියි ධීවරයන් ප්‍රමාණය සීමා කිරීම කළ හැකියි.

මේ සඳහා තවත් හේතුවක් වන්නේ මාළුන් සහ මාළු ඇල්ලීවම් උපාංග සොරකම් කිරීමයි. සමහර අවසථාවලදී රාත්‍රි කාලවේදී මාළු දැල් වලින් මසුන් සොරකම් කිරීම පවා සිදු වෙනවා. ආරක්ෂක සෝදිසි කිරීම් හා cctv වැනි ආරක්ෂක පදධති සථාපිත කිරීම මගින් මෙය වලක්වා ගත හැකියි.

තවත් මෙවැනි සමාජ ආර්ථික ගැටළුවක් වන්නේ සංචාරක කර්මාන්තය සහ ආරක්ෂක කලාප හේතුකොටගෙන මාළු ඇල්ලීවම් කටයුතු සීමා කිරීමයි. එම ක්‍රියාකාරකම් සඳහා අදාල ආයතන සමග සහයෝගයෙන් කටයුතු කර මෙම අවසථාවට විසුමක් ලබාගත හැකිය.

මාළු ඇල්ලීමේ උපාංග ප්‍රමාණවත් නොවීමත් මේ සඳහා බලපෑම් ඇතිවේ. මාළු ඇල්ලීමේ උපාංග ලබාගැනීමේ පහසු ක්‍රම සථාපිත කිරීම මගින් හොඳ මාළු අසවැන්නක් ලබාගැනීමේ මඟ පෑදිය හැකිය.  මාළු අසවැන්න අලෙවි කරගැනීමේදී ඇති වන ගැටළු කීපයක්ද තිබෙනවා. මේ සඳහා ප්‍රධාන හේතු ලෙස, විධිමත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම, අල්ලන මාළු වර්ග සඳහා වෙළඳපොලක් නොමැති වීම, මාළු සඳහා සාධාරණ මිළක් නොලැබීම, අලෙවි මධ්‍යස්ථාන නොමැති වීම සහ තහනම් ආම්පන්න භාවිතයෙන් අල්ලලන මාළු නිසා මිල ගණන් පහල යාම හදුනාගත හැකියි. මේ සඳහා විසඳුම් ලෙස ගුණාත්මක අලෙවි පහසුකම් සථාපිත කිරීම සහ තහනම් ආම්පන්න සඳහා ඇති නීති තදින් ක්‍රියාත්මක කිරීම කල හැකියි.

යටිතල පහසුකම් වල පවතින ගැටළු නිසාද පුත්තලම කලපුවේ මත්ස්‍ය ව්‍යාපාරයට බලපෑම් ඇති වේ. මේ නිසාම ධීවර කණ්ඩායම් අතර ගැටුම් ද  ඇතිවී තිබේ. යටිතල පහසුකම් නිසි ලෙස සැපයීම මගින් මේ තත්වය මගහරවා ගත හැකියි.

පාරිසරික ගැටළු 

කලපු ජෛව පද්ධතිය විනාශයට සහ දූෂණයට ලක්වීම මත්ස්‍ය කර්මාන්තය සදහා බලපෑම් ඇති කරයි. කලපුව ආශ්‍රිතව සිදුකරන අනවසර ඉදිකිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කලපු ජලය දූෂණය වීම, කඩොලාන කපාදැමීම සහ අනෙකුන් සංවර්ධන ක්‍රියාවලි නිසා කලපු පරිසර පද්ධතිය හානියට ලක්වේ. මේ සඳහා විසදුම් ලෙස කලපු මායිම සලකනු කිරීම මගින් අනවසර ඉදිකිරීම් නැවැත්වීම, කඩොලාන රැකගැනීමට අදාල ව්‍යාපෘති දියත් කිරීම, කලපු පද්ධතියට සිදුවන හානි වැළැක්වීමට අදාල පාර්ශව සමග සම්මුති වලට එළඹීම වැනි පියවර ගත හැකියි.

පරිපාලන ගැටලු 

තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත් නොවීම මෙහිදී ගැටලුවක් ලෙස සැලකිය හැකිය. මසුන් ඇල්ලීම සහ මත්ස්‍ය විෂේශ සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ ප්‍රමාණවත් නොවීම පරිපාලන ගැටළු වලට උදාහරණ ලෙස ගත හැකියි. මේ සඳහා විසඳුම් කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. එක් විසඳුමක් නම් දත්ත එකතු කිරීම සඳහා ඒකාබද්ධ සැලසුමක් සකස් කිරීමයි. කලපු ආශ්‍රිතව දත්ත එකතු කිරීම සඳහා රජය සහ ධීවරයන් එකතු වී ක්‍රියා කිරීම මෙහිදී සිදු කළ හැකියි. මත්ස්‍යයින් සහ අනෙකුත් ජීව විෂේශ පිළිබඳව පර්යේෂණ දියත් කිරීම සහ ඒවායේ ප්‍රතිඵල අදාළ පාර්ශව වෙත ලබාදීම තවත් ක්‍රමයකි. කාලයෙන් කාලයට නැවත නැවතත් ජෛව පද්ධති සහ පරිසරය පිළිබඳව පර්යේෂණ සහ විමසීම් සිදු කිරීම වැදගත් පියවරක්.

මීගමුව කලපුව 

මීළඟට අපි මීගමුව කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තයට සහ ධීවරයන්ට ඇති ගැටලු පිළිබඳව විමසා බලමු. මීගමුව කලපුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටා ඇත.

මීගමුව කලපු ධීවර කර්මාන්තයට ඇති ප්‍රධාන ගැටළුවක් නම්, දැනට පවතින ආයතන වල දුර්වල කළමනාකරණය හදුන්වා දිය හැකියි. මීට හේතු වන්නේ ධීවර ප්‍රජාවන් අතර ඇති සම්බන්ධීකරණ දුර්වලතා සහ ධීවර කළමනාකරණ ආයතන වලට ප්‍රමාණවත් බලයක් නොතිබීයි. කළමනාකරණ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ද මීට හේතු වී තිබෙනවා. මේ සඳහා විසදුම් කිහිපයක් ඉදිරිපත් කල හැකියි.

• අක්‍රීය තත්වයේ පවතින ධීවර ප්‍රජා සංවිධාන නැවත ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාත්මක සංවිධාන ශක්තිමත් කිරීම.
• කළමනාකරණයේ පුළුල් පාර්ශව කරුවන්ගේ සහභාගීත්වය සඳහා සුදුසු ආයතනික යාන්ත්‍රණයක් ඇති කිරීම.
• ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නායකත්වය හා අධීක්ෂණය යටතේ කලපු ධීවර කර්මාන්තය කළමනාකරණය සිදුකිරීම.
• ක්‍රියාකාරී අධීක්ෂණ, නිරීක්ෂණ සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සථාපිත කිරීම.

මීගමුව කලපු ධීවර කර්මාන්තය මුහුණ වදන තවත් ගැටළුවක් නම්, ධීවර සම්පත් ක්ෂය වීමයි. මේ සඳහා හේතු ලෙස, මසුන් ඇල්ලීමේ ප්‍රයත්නය වැඩි කිරීම, විනාශකාරී මසුන් ඇල්ලීම, වාසසථාන / පරිසරය විනාශ කිරීම, කළමනාකරණයේ දුර්වලතාවය සහ විවිධ සංවිධාන විසින් අවිධිමත් ලෙස යාත්‍රා හා ආම්පන්න සැපයීම පෙන්වා දිය හැකියි. මෙම ගැටලුව සඳහා විසඳුම් කිහිපයක් පෙන්වා දිය හැකියි.

• ධීවරයින් සංඛ්‍යාව සීමා කිරීම සහ කලපුවේ මසුන් ඇල්ලිය හැක්කේ කාටද යන්න පාලනය කිරීම.
• අධීක්ෂණය, නිරීක්ෂණ සහ බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම.
• කලපු පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණයට ඉඩ සලසන ආයතනික යාන්ත්‍රණයක් සථාපිත කිරීම.
• පුළුල් සහයෝගි ධීවර කළමනාකරණ සැලැසමක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම.

මසුන් ඇල්ලීමෙන් ලැබෙන ආදායම අඩු වීම සහ ණයගැති බව මීගමුව කලපුව ආශ්‍රිත ධීවරයන් මුහුණ පාන තවත් ගැටලුවකි. මසුන් ඇල්ලීමේ අධික පීඩනය සහ කලපුවේ මසුන් ඇල්ලීම අඩු වීම සහ කලපු පරිසර පද්ධතිය විනාශවීම හා දූෂණය මත්ස්‍ය සම්පතට අහිතකර ලෙස බලපෑම මෙම ගැටලුවට හේතු වී තිවෙනවා. මේ සඳහා විසදුම් ලෙස පහත ක්‍රියාමාර්ග අනුගමනය කල හැකියි.

• පරිසර පද්ධතිය පදනම් කරගත් ධීවර කළමනාකරණ සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
• ධීවරයින් සහ ධීවර ප්‍රජාව සඳහා විකල්ප ජීවනෝපායන් හඳුන්වා දීම.
• ඔවුන්ගේ ආදායම කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ධීවරයන් දැනුවත් කිරීම.
• මසුන් ඇල්ලීමෙන් ඉපැයීම් කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රම හඳුන්වා දීම (නව ආයෝජන, ඉතිරිකිරීම්, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ආදිය)

මත්ස්‍ය වාසස්ථාන විනාශය ද විශාල ලෙස කලපු ධීවර කර්මාන්තයට අහිතකරව බලපෑම් කරයි. කලපුව නීතිවිවරෝධී ලෙස ආක්‍රමණය කිරීම, ජලජීවී වගාව සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා කඩොලාන විනාශ කිරීම, හානිකර හා තහනම් ධීවර ක්‍රම භාවිතා කිරීම නිසා මුහුදු පැලෑටි විනාශ කිරීම සහ කාර්මික හා ගෘහසථ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කලපුවේ ජලය දූෂණය වීම මෙම ගැටලුවට හේතු වේ.

කළමනාකරණ තීරණ සඳහා දත්ත හා තොරතුරු නොමැතිකම පුත්තලම කලපුවේ මෙන්ම මීගමුව කලපුවේත් පවතින ගැටලුවකි. කලපු මසුන් අල්ලීමේ හා ඇල්ලීම් උපක්‍රම වල දත්ත රැසකිරීමක් නොමැතිකම සහ ධීවර සම්පත් හා කලපු පරිසර පද්ධතිය පිලිබඳ පර්යේෂණ නොමැතිකම මෙම ගැටලුවට හේතු වේ. මේ සඳහා විසදුම් කිහිපයක් ඉදිරිපත් කල හැකියි.

• කලපුව සඳහා ධීවර දත්ත එකතු කිරීවම් පද්ධතියක් හඳුන්වා දීම.
• ප්‍රධාන මත්ස්‍ය හා ඉසසන් වර්ග පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සහ ප්‍රතිඵල හා තොරතුරු අදාළ ආයතන සමඟ බෙදා ගැනීම.
• ජෛව පද්ධතිය හා පරිසරයේ තත්ත්වය පිළිබඳව වරින් වර පර්යේෂණ සිදු කිරීම.
• ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, NARA ආයතනය වැනි ආයතන අතර සමීප සම්බන්ධතා පවත්වාගැනීම.

මීගමුව කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තයට ඇති තවත් ගැටළුවක් නම්, නීති රෙගුලාසි වලට අනුකුලතාවක් නොදැක්වීමයි. නීති රීති උල්ලංඝනය කිරීම, අදාළ බලධාරීන් විසින් බලාත්මක නොකිරීම සහ දැනුම හා දැනුවත්භාවය නොමැතිකම නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙනවා. මේ තත්වය මගහරවා ගැනීමට, පහත දැක්වවන ක්‍රියාමාර්ග ගත හැකියි.

• ධීවරයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් (වර්තමාන තත්ත්වය, රෙගුලාසි, කළමනාකරණ සැලසුම් ආදිය) පෝස්ටර් මගින් සිදුකිරීම.
• වැඩමුළු පැවැත්වීම, රැසවීම් පැවැත්වීම සහ පාසල් ළමුන් ඇතුළු ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වීම.
• ධීවරයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් ස්වේච්ඡා චර්යාධර්ම පද්ධතියකට අනුකූල වීම සඳහා සංවිධානය විය යුතුය.
• බලාත්මක කිරීමේ හැකියාව සහ බලාත්මක කිරීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම.

මේ ආකාරයේ ගැටළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තයට හා ධීවරයන්ට පවතින අතර ලිපියේ සඳහන් විසදුම් මගින් එම ගැටළු අවම කරගත හැකියි.

කතෘ : ලක්මිණී ඒකනායක
2019.08.30
copyright to samudhura.blogspot.com

Comments

Popular posts from this blog